සුවබර නිවාඩුවක් සදහා මුහුදු තිරයට ආසන්නයෙන් ඔබට සරිලන නිවාඩු නිකේතනයක්.....

බටහිර අහසේ රන් පැහැයෙන් නෙක විසිතුරු සිතුවම් මවමින් ඈත සිතිජයේ හිරු ගිලී යන දසුන සැබැවින් ම චමත්කාරජනක ය. නැගෙනහිර අහසේ උදාවන හිරුගේ පළමු රැස් දහර ඊට කිසිසේත් නො දෙවෙනි වන වග පසක් කර ගැනීමට නම් ඔබ අලූයම් කාලයේ නැගෙනහිර වෙරළ තීරයේ සිටිය යුතුමය.එවනි සුන්දර දසුන්ක් ඔබගේ නිවාඩුවට එක් කර ගැනිමට නම් ඔබ ත්‍රිකුණාමලය ප්‍රදේශයට පැමිණිය යුතුමය.



එවැනි නිවාඩුවක් සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් පොල් වගා කිරිමේ මණ්ඩලයේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයට අයත් කුඹුරුපිඩ්ඩි පොල් පැල තවාන් භුමියේ මුහුදු තිරයට ආසන්න නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති කොකෝ විලා බිචි නිවාඩු නිකේතනය ඔබට සුවබර නිවාඩුවකට මං පෙත් විවර කරනු නොඅනුමානය.