සේරුවිල රඡමහා විහාරය

හැදින්විම

සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර සුවිශේෂී වූ ඓතිහාසික සේරුවාවිල රජ මහා විහාරය පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ය. ත්‍රිකුණාමලයේ සිට සේරුවාවිල පුද බිම වන්දනාමාන කිරීම සඳහා යන්නේ නම් මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබේ.


ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය. බෞද්ධ වන්දනාකරුවන් වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත සැපත් විය හැකි ය.

ඡායාරූප



ඉහත ගමන් මාර්ගය විස්තර කොට ඇත.