වෙල්ගම් වෙහෙර විහාරය

හැදින්විම
ශ්‍රී  ලංකාවේ වාසයට පැමිණි මුල් සිංහලයන්ගේ ආදිම ජනාවාසයක් වූ ගෝණගම්තොට සිංහලයන් අතර අද ප්‍රසිද්ධව ඇත්තේ තී්‍රකුණාමලය යන නමිනි. ගෝණ යන නමට මුලින් ශී්‍ර යන අරුත දෙන තීරු යන්නත්ල අගින් කන්ද යන අරුත් ඇති මෙලෙ යන්නත් එකතු කොට දෙමළ ජනයාල තිරුකෝණ මෙලෙ යන්න සාදා ගත්හ. (ගෝන යන්න දෙමළෙන් ලීවීමේදී කෝණ වෙයි). මේ දෙමළ වචනය ර්‍ණතී්‍රකුණාමලය” යයි සිංහලයෝ උච්ිචාරණය කරති. දෙමළ වචනයේ ඇති කෝණ යනු පැරණි සිංහල නමේ තිබුණු ගෝණ යන්න මැයි. ගෝණ තොටින් ඇරඹි රට තුලට පැතිර ගිය මුල් සිංහල ජනපද රාශියෙන් එකක් නම් වෙල්ගමය. එහි ඉදිකළ වැදගත් පුරාණ සිද්ධස්ථානය වෙල්ගම් වෙහෙර නම් වේ. මෙය තී්‍රකූණාමලය නගරයේ සිට වයඹින් සැතපුම් හතක් පමණ දූරින් පිහිටියේය. තී්‍රකුණාමල දිස්ති්‍රක්කයේ කට්ටුකුලම් පත්තුව බඳ පෙරියකුලම් නම් ගමේ ඇති පෙරියකුලම් නම් වැවේ බටහිර අයිනේ වෙල්ගම් වෙහෙර පිහිටා තිබේ.


නටඹුන් සහ තොරතුරු පිළිබඳ විස්තරය

වෙල්ගම වෙහෙරට අයත් නටඹුන් පෙදෙස පිරික්සා බැලීමේදී එය පැහැදිලිවම කොටස් තුනකට වෙන් කොට දැක්විය හැකිය. එනම් ථ-
1. විහාර චතුරශ්‍රය
2. කඳූවැටිය
3. අවට පෙදෙස යනුවෙනි.






ගමන්මග

වෙල්ගම වෙහෙරට යා හැකි මාරAග දෙකකි.
(01)            තී්‍රකුණාමලේ සිට අනුරාධපුර කරා විහිදෙන මහ මගේ 106 වන සැතපුම් කණුවට නුදූරින් ඇති මංසන්ධියෙන් උතුරු අතට හැරී රථ වාහන ගමන් කළ හැකි තාර දැමූ ප්‍රසිද්ධ මාවතේ සැතපුම් දෙකහමාරක් ගමන් කිරීමෙන් වෙල්ගම් වෙහෙරට ළඟා විය හැකිය. තී්‍රකුණාමලයේ සිට මේ මගෙහි ඇති බස් සේවයකින් ස්ථානයට ගමන් පහසුව සැලසේ.
(02)             මේ ස්ථානය කරා පැමිණිය හැකි අනෙක් මග නම් තී්‍රකුණාමලයේ සිට නිලාවලි දක්වා යන මහ මගේ 6 වන සැතපුම් කණුවට මොබ ඇති මංසන්ධියෙන් හැරී බටහිර දෙසට යන මගෙහි සැතපුම් දෙකක් පමණ ගෙවමින් පෙරියකුලම් වෑ මියර ඔස්සේ වැටී ඇති පාරයි. එහි බස් සේවයක් නැත. පාරද පෙර කී මාරAගය තරම් හොඳින් නොපවතී.
වෙල්ගම් වෙහෙරට පැමිණෙන බැතිමතුන්ගේ සුව පහසුව පතා සැදැහැවතුන් විසින් කරන ලද ඉඩකඩ සහිත පිරිසිදූ විශ්‍රාම ශාලා පහසුකම් නිසා නවාතැන් ගැනීමටත් පහසුව සැලසී ඇත්තේය.
තී්‍රකුණාමලයට යන බොහෝ සංචාරකයෝත්ල වන්දනාකරුවෝත් කන්නියායි උණුදිය ළිං කරා යාමට අමතක නොකරති. අනුරාධපුර මගෙහි ගොස් උණුදිය ළිං කරා යාමට හැරෙන හන්දියේ සිට තවත් සැතපුමක් ඉදිරියට ගිය විට වෙල්ගම් වෙහෙරට යන මංසන්දිය හමු වේ. මේ ගමනට වෙල්ගම් වෙහෙර ද ඇතුළත් කිරීමෙන් සංචාරය වඩාත් සඵල කර ගත හැක්කේය.