ත්‍රිකුණාමලය දෙවන ලෝක යුද සොහොන් පිටිය
ත්‍රිකුණාමලය කිව්වාම කාට කාටත් මතක් වෙන්නෙ ස්වභාවික වරාය නෙ.මේ වරාය අද වගේම ඒ කලෙත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.කාලයක් අපිව යටත් කරගෙන හිටපු බ්‍රිතාන්‍යය ජාතිකයින් තමන්ගෙ ප්‍රධාන යුධ මධ්‍යස්ථානයක් විදිහට මේ ත්‍රිකුණාමලය යොදා ගෙන තියෙනවා.ඉතින් දෙවන ලෝක යුද්ධය කාලෙ ත්‍රිකුණාමලය කියන්නෙ ප්‍රධාන සතුරු ඉලක්කයක් වෙලා තිබුන බව ත්‍රිකුණාමලයෙ යන කාට කාටත් දැක ගත හැකි.මේ විදිහට දෙවන ලෝක යුද්ධ කලේ ගොඩ වෙලාවට ජපානය වගේ සතුරු රට වලින් ගුවන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා.ඉතින් මේ සතුරු ගුවන් යානා ප්‍රහාර වලින් බ්‍රිතාන්‍යය ජාතිකයින් වගේම ඔවුන්ට සේවය කරපු ලාංකිකයින්,ඉන්දියානුවන් සහ තවත් ජාතීන් කීපයකම අය ජීවිත පරිත්‍යාග කලා.ත්‍රිකුණාමලයෙ යන අයට අදත් මේ රණවිරුවන්ගෙ සොහොන් පිට්ටනිය බලාගන්න පුලුවන්.ත්‍රිකුණාමලය නිලාවැලි පාර දිගේ ත්‍රිකුණාමලයෙ ඉදන් කිලෝමීටර 6 ක් විතර ගියහම මුහුද පැත්තෙ තමා මේ සොහොන් පිට්ටනිය තියෙන්නෙ.

