ත්‍රිකුණාමලය වරාය

හැදින්විම
ත්‍රිකුණාමලය වරාය සොභා සෞන්දර්යයේ සූවිශේෂී වු නිමැවුමක් වශයෙන් අසිරිමත්  ත්‍රිකුනාමලය වරාය හදුන්වාදිය හැකිය . මෙම වරාය නැගෙනහිර පළාතේ අග නගරයක පිහිටා තිබිමද විශේෂත්වයකි. පිහිටිම අතින් ගත් කල උත්තරාංශ  8° 13’’ -5’ ද නැගෙනහිර දේෂාංශ 81 ° 13’’ - 2’ ද අතර පිහිටි ඉතාමත් සුරක්ෂිත වරායක් වශයෙන්  ලෝක ප්‍රසිදියට පත්ව ඇත. එමෙන්ම සැම වර්ගයකටම අයත් ජල යාත්‍රාවයන් ඕනෑම ප්‍රචණ්ඩකාරි කුණාටු තත්වයකදි උවද ඉතා සුරක්ෂිතව තබාගත හැකිය.
     මෙම වරායේ විශාලත්වය සැලකිමේදි  ගිණිකෝණ දිශානු ගතව පවුල් තුඩුවත් , වයඹ දෙසින් පිහිටි පේද්‍රික් තුඩුවත් , අතර විහිදි පවතින අතර වරායේ මුව වව විට පළලින් සැතපුම් හතරක් පමණවේ. විජය කුමරුගේ මෙරට සම්පාප්තියේ සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ බලය පිහිටු විම දක්වා එනම් වසර දෙදහාස් තුන්සිය වසරක කාලයක් සිංහල රාජධානියට මෙම ඓතිහාසික වරාය අහිමිව  තිබු පැවතිණි.
  විදේශීය පාලකයින් විටින් විට විවිධ කාල වකවානු වලදි මෙම වරායේ  හා ඒ ආසන්න ප්‍රදේශවල පාලනය තහවරු කරගන්නා ලදි. අතිතයේ වෙළඳ මධ්‍යස්තානයක් වශයේ ද පැවතුණී. විවිධ දේශ දේශාන්තරවලින් රැගෙන එන භාණ්ඩ  වරායේදිම වෙළඳාමද සිදුවිය.මෙම වරාය සිමාවන් ගත් කළ පසු පස බොක්ක පිටත බොක්ක තඹලගමුව  වැව  සහ චීන වරාය හා පවුල් පොයින්ට  සිට එළිසබෙත් ස්ථානය  දක්වාමුහුදු තිරය ත්‍රිකුණාමල වරාය සීමාවන්වේ.
තවද ලෝකයේ හොඳම ස්වභාවික වරායන් අතුරින් දෙවන ස්ථානය ත්‍රිකුණාමලය වරායට හිමිවන අතර එය  කොළඹ වරාය මෙන් දස ගුණයක මුහුදු හා ගොඩබිම් ප්‍රදේශයක් පුරා පැතිර පවති. වර්තමානයේ වර්තමානයේදි මෙම වරාය තොග සහ තොගකඩන නැව්බඩු හා බැර කර්මාන්තද ඇතුඵව වරාය හා සම්බන්ධිත කාර්මික කටයුතු, සංචාරක හා කෘෂි කර්මාන්තආදි කටයුතු සඳහා වූ සේවා සැපයීම සඳහා අත්හදා බැලීමක් වශයෙන් ත්‍රිකුණාමලය වරාය නැවත සංවර්ධනය කිරීමට වර්තමානයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාකරනු ලබයි
ඡායාරූප